(අංජුල මහික වීරරත්න)
මිල්කෝ සමාගමෙි කල් ඉකුත් වූ කිරිපිටි සත්ව ආහාර සඳහා විකිණීමේ ටෙන්ඩරයකින් රුපියල් මිලියන සීයක් ගසා කෑ බව කියන මිල්කෝ ප්‍රධානියකු ගැන අමාත්‍යාංශය මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ වී තිබෙි.
අදාළ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් මිලියන සීයක් අල්ලස් ලබා ගැනීම මගින් මෙම ගසාකෑම කර ඇතැයි තොරතුරු වාර්තා වේ.
මිල්කෝ සමාගමේ පරණ කිරිපිටි මෙට්‍රික් ටොන් 650ක් විකිණීම සඳහා මෙම ටෙන්ඩරය කැඳවා ඇත.
කලින් වතාවක ද කල් ඉකුත් වූ කිරි පිටි විකිණීම සඳහා ටෙන්ඩරයක් කැඳවූ අවස්ථාවේදී ද මෙලෙස අක්‍රමිකතාවයක් සිදුවී ඇති අතර එලෙස අක්‍රමිකතා වලට සම්බන්ධ වූ තැනැත්තාට මේ වතාවේ ටෙන්ඩරය නොදිය යුතු බවට කෘෂිකර්ම අමාත්‍යවරයා පත්කළ කමිටුව දුන් නිර්දේශයක්ද නොතකමින් මේ වතාවෙිදී ද දූෂිත අයුරින් කිරිපිටි ටෙන්ඩරය ලබා දී ඇතැයි අමාත්‍යවරයාට වාර්තා වී තිබේ.
කිරි පිටි ඉල්ලූමට සැපයුමක් දී ගන්නට නොහැකි අවස්ථාවක මෙලෙස කිරිපිටි කල් ඉකුත් වන්නේ කෙසේදැයි වෙනම පරීක්ෂණ පවත්වන ලෙස ද කෘෂිකර්ම අමාත්‍යවරයා අදාල කමිටුවට දැනුම් දී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු ද මෙම වංචාවට සම්බන්ධ වී ඇතැයි අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇතැයි පැවැසේ.
අමාත්‍ය කමිටු නිර්දේශ ද නොසලකා හරිමින් අදාළ ටෙන්ඩරය ලබා දුන්නේ කෙසේ දැයි නිදහසට කරුණු දක්වන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා මිල්කෝ සමාගමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන හයිය තියෙන ලොක්කෙක් නේද?
කිරිපිටි ඉල්ලුමට සැපයුවානම් හොර ටෙන්ඩර් මගඩි ගහන්න බෑ... ඉතින් හිතාමතා කල්ඉකුත් වෙන්න යවලා සත්ත්ව ආහාර වලට දීලා කුට්ටිය අරන්.... හත්තිලව්වේ මූට හරප්පයියෙන් ගැහුවත් හිත්වදින්නෑ.... සුදු ඇඳගෙන කොණ්ඩෙත් සුදුවට ඉන්නේ උපාසකයා වගේ... රටේ ලෙඩවුනු වයසක මිනිස්සු පොඩි දරුවෝ බොන්නෙ කිරි විතරයි.. උන්ට පෝලිං වලින්වත් කිරි පිටි ටිකක් ගන්න නොතියා මූ කරපු දේට පන්න පන්නා ගහපියව්... ඔන්න ගම්පහ ඉන්න උඹල කළින් කරපු වැරදි හදාගන්න හොඳම වෙලාවක් ඇවිත්...
ඇයි වහාම වැඩ තහනම් කොට පරීක්ෂණ නොපවත්නේ? වෙළඳ පොලේ Hiland කිරිපිටි දකින්නට නැත. එසේ නම්, ඒවා නරක වන කම් සිටියේ ඇයි? මෙවැනි ඉහල නිලධාරින් පත් කරන්නෝ කවුද? මොවුන් පත් කරන අයත් ඉවත් කොට දඬුවම් ලබා දියයුතුයි.
ඔ්නෑම ජරා වැඩට හවුල් කරුවෝ ඉන්නවා. මේ ගැන තවත් සොයා බලන්න, එවිට තවත් නම්කිහිපයක් මතුවිය හැක.
ඇමැතිතුමා ලියපු ගාණ හම්බ වුණා නේද? ඒකයි වෙන කෙනෙකුට ටෙන්ඩර් දෙන්න යන්නේ... මේ ඔක්කොම හොරු.. එක වල්ලේ පොල්...
අවුරුද්දකින් වත් හයිලන්ඩ් පිටිකිරි පැකට් එකක් කඩෙක දැක්කෙ නෑ. . මෙ මොන පාදඩ කාලකන්නියෙක්ද? මෙ මිනිහ පෙරෙත ලොකෙන් ආව මල පෙරෙතයෙක් නෙ. . මෙ රටෙ නිතියක් නැති නිසා ඉතින් මුට දඬුවමක් ලැබෙන එකක් නෑ බොහො වෙලාවට..අඩු ගානෙ නම වත් කියන්නෙ නැත්තෙ ලොකු බලයක් තියෙන ලොකු හොරෙක් වෙන්න ඔන..